පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට ත්‍රස්තවාදීන්ට ලබාදෙන දඬුවම් ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සමගි ජන බලවේගයේ රජයක් යටතේ ඒකාන්තවම එය සිදුකරන බවයි විපක්ෂ නායකවරයා සදහන් කළේ.
සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දුගේ වත්තල, සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලය අද විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.