Tuesday, May 14, 2024

General line - 0115112241

වෙනසකින් තොරව ශ්‍රී ලංකා පිළ අද සාජා පිටියට




පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා පිළ සහභාගී වන තවත් තරගයක් නොබෝ වෙලාවකින් සාජා ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා. 

ප්‍රතිවාදීන් වන්නේ එංගලන්ත කණ්ඩායමයි. අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරෙත්තු රඳවා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය අනිවාර්්‍යයෙන්ම ජයගත යුතුයි. 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ දක්වා පන්දුවාර 20 ක්‍රිකට් තරඟ 12 ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 08 ක් එංගලන්ත කන්ඩායම ජයගෙන තිබෙනවා. 

ශ්‍රි ලංකා පිල ජය ගෙන ඇත්තේ තරඟ 04 ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම 2014 වසරෙන් පසු එංගලන්තයට එරෙහිව පන්දුවාර 20 තරග ජයක් වාර්තා කිරීමට සමත්ව නැහැ. 

ශ්‍රී ලංකා පිළ අවසන් වරට එංගලන්ත කණ්ඩායම සමඟ පැවති පන්දුවාර 20 තරඟ 06 ම පරාජයට පත්ව තිබෙනවා. අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොවන බවටයි වාර්තා වන්නේ.