Saturday, November 2, 2024

General line - 0115112241

කුඹුක්කන් ඔය පිටාර මට්ටමේ - මොණරාගල ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවදානමක




පවතින අධික වැසි හේතුවෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන් ඔය පිටාර ගැලීමේ අවධානමක් මතුව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

එම  ද්‍රෝණියේ නක්කල, කුඹුක්කන සහ ඔක්කම්පිටිය පහත් බිම් ප්‍රදේශවල අද රාත්‍රියේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

එබැවින් එම ප්‍රදේශවල කුඹුක්කන් ඔයට ආසන්නව පදිංචි ජනතාව ඒ පිළිබද දැඩි විමසිල්ලකින් පසුවිය යුතු බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා. 

ඇද හැලෙන අධික වැසි හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 06 ක් සහ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 04 ක් විවෘත කර ඇති බවයි වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස් පී සී සුගීෂ්වර පැවසුවේ.

මේ අතර පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

මේ, ඒ පිළිබදව පැහැදිලි කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක.