රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතරදී ඊයේ දුම්රිය දෙකක් ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කමිටුවක් පත් කර තිබෙනවා. ඊයේ දිනයේ සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ද ප්‍රමාද වූ අතර ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසුවේ.
කැළණිය දුම්රිය ස්ථානය ආසන්නයේ සංඥා කේබල් කිසියම් අයෙකු විසින් කපාගෙන ගොස් තිබීම හේතුවෙන් මෙම තත්ත්වය මතුවූ බවයි ඔහු සඳහන් කළේ.
අද දිනයේ ද දුම්රිය ගමන් වාර 152 ක් ධාවනය කෙරෙන බවයි මෙහිදී අවධාරණය කෙරුණේ. ධාවනය කරන දුම්රිය ගමන් වාර ප්‍රමාණය හෙට දිනයේ සිට වැඩි කරන බව ද දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කළා.