Wednesday, May 15, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට




මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලානය පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායම තැබූ බලාපොරොත්තු ඊයේ බොඳව ගියා. ඒ, ශ්‍රී ලංකාව සමග ඊයේ පැවැති තරගය එංගලන්තය ලකුණු 26 කිනක් ජය ගැනීමත් සමගයි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 04 ක් දැවී ලකුණු 163 ක් රැස් කළා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ජෝස් බට්ලර් පන්දු 60 කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 101 යි. ඊට 6 යේ පහර 6 ක් සහ 4 පහර 6 ක් ඇතුළත්. නායක ඉයන් මෝගන් ලකුණු 40 යි. පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුළු 03 ක් දවා ගත්තා. 

ලකුණු 164 ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පැමිණී ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 137 ක් පමණයි. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක දුවද්දී දැවී යාමකට හසුවුණේ පළමු පන්දු වාරයේ 03 වන පන්දුවේදීයි. ඒ වනවිට ශ්‍රී ලංකාව රැස්කර ගෙන තිබුණේ එක් ලකුණක් පමණයි. වනිඳු හසරංග ලකුණු 34 යි. භානුක රාජපක්ෂ සහ දසුන් ශානක ලකුණු 26 බැගින් ලබා ගත්තා.