Saturday, November 2, 2024

General line - 0115112241

පානදුර, පින්වත්ත පොලිස් ස්ථානාධිපතිට පොලිස්පතිගෙන් දැඩි අවවාද (UPDATE)




පානදුර පිංවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග රණවීරට පොලිස්පතිවරයා විසින් දැඩිව අවවාද කර තිබෙනවා. ඒ, එම පොලිස් ස්ථානාධිපතිවරයාට එල්ල වී ඇති විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් නෙත් නිවුස් අවස්ථා කිහිපයකදීම අනාවරණය කිරීමෙන් අනතුරුවයි. 

ඒ අනුව පානදුර වැඩබලන පොලිස් අධිකාරීවරයාට පොලිස් මූලස්ථානයෙන් උපදෙස් ලබාදී තිබුණේ ඊයේ දිනයේ පොලිස්පතිවරයා හමුවට පානදුර පිංවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග රණවීර ඉදිරිපත් කරන ලෙසයි. 

එහිදී පොලිස්පතිවරයා විසින් ඔහුට දැඩි ලෙස අවවාද කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. 

.........................................

පානදුර පිංවත්ත පොලිසියේ ස්ථානාධිපතිගේ පීඩාවන් ගැන කාන්තාවක් කතාකරයි

පානදුර පිංවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සුරංග රණවීරගේ ක්‍රියාකලාපය හේතුවෙන් පීඩාවට පත් වූ බව කියන කාන්තාවක් නෙත් නිවුස් වෙත සිය අත්දැකීම් මෙලෙස විස්තර කළා.

පානදුර පිංවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විවිධ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් නෙත් නිවුස් මීට පෙරද තොරතුරු අනාවරණ කළා.

.......................................................................................................................

පිංවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක්

පානදුර, පිංවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා  දිගින් දිගටම සිදු කරන අනිසි ක්‍රියා හේතුවෙන් ඔහුට එරෙහිව ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවෙමින් තිබෙනවා.

පානදුර, පිංවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ප්‍රදේශයේ ජනතාවට හිරිහැර වන ආකාරයෙන් කටයුතු කරීමේ සිද්ධීන් කිහිපයක්ද මීට පෙර වාර්තා වී තිබුණා.

ඔහු සිදු කළ අකටයුතුකම් රැසක් පිළිබඳව කාන්තාවක් ඇතුළු බොහෝපිරිසක් නෙත් නිවුස් වෙත තොරතුරු ද ලබා දී තිබුණා.

පානදුර, පිංවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා මීගහකොවිල පාර ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයෙකු කිසිදු හේතුවක් තොරව පොලිසියට රැගෙනවිත් පහරදුන් බවටද චෝදනා එල්ල වී තිබෙනවා.

පහර කෑමට ලක්වූ පුද්ගලයාගෙ මව සඳහන් කළේ මෙම පහරදීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළ අතර එය ඉවත් කර ගැනීම සඳහා පානදුර, පිංවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා බලපෑම් කළ බවයි. එම ස්ථානාධිපතිවරයා ඒ සඳහා මුදල්ද ලබා දුන් බවයි පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ මව සඳහන් කළේ.

 
 
....................................................................... 
 

 පිංවත්ත ස්ථානාධිපතිගේ චණ්ඩිකම් පාර්ලිමේන්තුවේත් දිගහැරෙයි

පානදුර, පිංවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකළාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද ඊයේ අදහස් පළ වුණා. 

මේ, සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර්. 

......................................................

පින්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව තවත් චෝදනාවක්

පානදුර, පිංවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා තමන්ට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස පාර්ශව කිහිපයකට පැමිණිලි කළද, මෙතෙක් තමන්ට සාධාරණය ඉටුනොවූ බව පිංවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හර්ෂ ජීවන්ත සිල්වා පවසනවා.

සිය නිවසට පැමිණෙන මාර්ගය අවහිර වී ඇති බවට පැමිණිල්ලක් කිරීමට පිංවත්ත පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා තමන්ට පහරදුන් බවයි ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

 
 
 
 

.................................................

පිංවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් ජනතාවට හිරිහැර

පානදුර, පිංවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ප්‍රදේශයේ ජනතාවට හිරිහැර වන ආකාරයෙන් කටයුතු කරමින් සිටින බවට ප්‍රදේශවාසීන් පවසනවා.

ඔහුට තවත් අකටයුතුකම් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇති බවයි එම ප්‍රදේශයේ කාන්තාවක් නෙත් නිවුස් වෙත කියා සිටියේ.