වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුඩාඔය පොලිස් බල ප්‍රදේශයට අයත් තෙලුල්ල ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (02) අලුයම සිදු වූ අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් රියදුරු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.
තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ වෑන් රථයක් වැල්ලවාය දෙස සිට තණමල්විල දෙසට සීනී ප්‍රවාහනය කරමින් සිටි කන්ටේනර් රථයකව මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් වෑන් රථයේ ගමන් ගත් සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිහතක් වන පුද්ගලයකු එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර වෑන් රථයේ ගමන් ගත් තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළුත් කර තිබෙනවා.
වෑන් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව අනාවරණය වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් ඌව කුඩාඔය පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.