රසායනික පොහොර සීමා කිරීම සෞඛ්‍ය සම්පන්න සහ වඩා තිරසර හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගත් සාධනීය පියවරක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහිදී පැවැත්වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින්.
මහජන සෞඛ්‍ය ගැටළු, ජල දූෂණය, පරිසර විනාශය සහ ජෛව විවිධත්වයට වන බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව මෑතකදී රසායනික පොහොර, පලිබෝධනාශක සහ වල්නාශක ආනයනය සීමා කළ බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.
මුල් බැසගත් කණ්ඩායම් මේ සඳහා විරුද්ධ වුවද, මෙය අනාගතයේ දී සෞඛ්‍ය සම්පන්න සහ වඩා තිරසර හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ගත් පියවරක් බව ජනාධිපතිවරයා සඳහන් කළා.
රසායනික පොහොර, පලිබෝධනාශක සහ වල්නාශක ආනයනය සීමා කිරීමට ගත් තීරණය මගින් නවෝත්පාදන සහ ආයෝජන අවස්ථා නිර්මාණය කරනු ඇති බවයි එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.
මේ අතර තවත් නැනෝ නයිට්රජන් පොහොර තොගයක් අද පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතයි. ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපළට ලගා වීමට නියමිත ගුවන් යානා 04 කින් එම පොහොර තොගය මෙරටට රැගෙන ඒමට නියමිත බවයි ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ.