Saturday, November 2, 2024

General line - 0115112241

විදේශ රැකියා සඳහා දෛනිකව ගමන් බලපත්‍ර ඉල්ලුම් කරන පිරිස තවත් ඉහළට




විදේශ රැකියා සඳහා දෛනිකව ගමන් බලපත්‍ර ඉල්ලුම් කරන පිරිස 2,500 දක්වා ඉහළ ගොස් ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම් කරන පිරිස තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි.

විදෙස් ගමන් බලපත්‍ර සදහා ඉල්ලුම් කරන පිරිසගෙන් මෙහිදී ඉල්ලීමක් ද කෙරුණා.

මෙරට තරුණයන් බහුතරයක් විදෙස් රැකියා සදහා යොමුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. තරුණයන් ඒ සදහා යොමුවීම රටේ ආර්ථිකය කඩාවැටීමට ද බලපාන බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා ඔවුන් රට තුළ රඳවා ගැනීමට නිසි වැඩපිළිවෙලක් අදාළ අංශ විසින් සකස් කළ යුතු බවද ආර්ථික විශ්ලේෂකයන් සදහන් කළා.