මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ බූස්ටර් එන්නත හෙවත් කොරෝනා මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව මේ වනවිට පුද්ගලයන් 2,393 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
කොරෝනා මර්දන රාජකාරියේ නිරත ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් සදහා බූස්ටර් එන්නත ලබාදීම ඊයේ සිට ආරම්භ කෙරුණා.
ඊයේ දිනයේ පමණක් පුද්ගලයන් 2,000 කට තුන්වන මාත්‍රාව සදහා ෆයිසර් එන්නත ලබාදුන් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
මෙරට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.
මෙරට පුද්ගලයන් එක් කෝටි 56 ලක්ෂ 21, 332 දෙනෙකුට කුමන හෝ කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව මේ වනවිට ලබාදී තිබෙනවා.
ඉන් පුද්ගලයන් එක් කෝටි 34 ලක්ෂ 76,941 දෙනෙකුට දෙවන මාත්‍රාව ද මේ වනවිට ලබාදී අවසන් බවයි වසංගත රෝග විiා අංශය සදහන් කළේ.
කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එම එන්නත් ලබාදීම අද දිනයේද ක්‍රියාත්මකයි.