දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශිරෝමණී ජයවර්ධන පැවසුවේ.
ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයකම වාන් දොරටු විවෘත කර තිබෙනවා.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ අධ්යක්ෂ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන.
මේ අතර 18 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඇල්ල - පස්සර මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන් ඇනහිට ඇති බව නෙත් නිවුස් වාර්තාකරු සමන් පාලිත නානායක්කාර පැවසුවා.