ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා අද යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, එම නඩුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි. එහිදී සැකකරු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ මහේස්ත්රාත් බුද්ධික සී රාගල නියෝග කළේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටී රජයේ නීතිඥවරිය එම නඩුවේ සැකකරු විසින් සිදුකර තිබෙන ඇප ඉල්ලීමට අදාළ විරෝධතා ඇතුළත් ලිඛිත දේශන අධිකරණයට ඉදිරිපත් කළා.
රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ එම ලිඛිත දේශනවලට අමතරව වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි.
ඒ අනුව අදාළ නඩුව නොවැම්බර් මස 16 වනදා කැඳවීමට නියම කළ ප්රධාන මහෙස්ත්රාත්වරයා එදින තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කළා.