Saturday, November 2, 2024

General line - 0115112241

පාඨලීගේ රිය අනතුරු නඩුවට දින නියම කෙරේ




හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙසට කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩලට එරෙහිව පවරා ඇති නඩුව නොවැම්බර් 30 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

ඒ, 2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගමන් කළ බව කියන මෝටර් රථයේ ගැටී තරුණයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනු කළ පළමු නඩුව සම්බන්ධයෙනුයි.

මෙම නඩුව මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ අද කැඳවූ අතර පැමිණිලිකාර පාර්ශවයේ සාක්ෂිකරුවන් හය දෙනෙකුට මීළඟ දින අධිකරණයේ පෙනී සිටීමට ද සිතාසි නිකුත් කර තිබෙනවා.