Saturday, November 2, 2024

General line - 0115112241

පොලිස් නිලධාරීන් 12 දෙනෙකුට ස්ථාන මාරුවීම් 




වහාම ක්‍රියාත්මක වන පරිදි ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ඇතුලු පොලිස් නිලධාරීන් 12 දෙනෙකුට ස්ථාන මාරු ලබාදී තිබෙනවා. 

එම පිරිසට පොලිස් අධිකාරීවරයෙකු, සහකාර පොලිස් අධිකාරීවරුන් 08 දෙනෙකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු අයත් බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. 

ඒ අනුව ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ඒ එම් වීරක්කොඩි ස්ථාන මාරු කර ඇත්තේ කලුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට පරිසර ආරක්ෂණ කොට්ඨාසය වෙතයි. 

දූෂණ විරෝධි කමිටුව සහ එහි ලේකම් කාර්යාලය මඟින් කරන ලද කාර්යයන් පිළිබඳ විමර්ශණය කිරීම සඳහා පත් කර ඇති විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පොලිස් අධිකාරී ඩී එස් අයි අතුල අමරසිංහ ගොඩනැගිලි කොට්ටාසය වෙත මාරු කර තිබෙනවා. 

ඊට අමතරව සහකාර පොලිස් අධිකාරීවරුන් වන ඩබ්ලිව් එල් යූ සමරසිංහ, බී එල් ඒ ප්‍රසන්න, පී ආර් සී ද සිල්වා, ඕ වී ආර් පී ඕලුගල, සී ඒ පුල්වංශ, එන් පී සූරියාරච්චි, ඒ එච් බී එම් ඒ ඩබ්ලිව් ඩී බී හපුගොඩ සහ ජී එච් පී ජී ප්‍රසන්න ස්ථාන මාරු කර ඇති පොලිස් නිලධාරීන් අතරට අයත්.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වන එස් ඕ ඒ ටී එම් කුමාර සහ එම් ආර් එස් තිස්ස කුමාර ද ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇත්තේ සේවා අවශ්‍යතා මත මහජන ආරක්ෂක අමාත්‍යංශය ලේකම්වරයාගේ අනුමැතිය පරිදියි.