Saturday, November 2, 2024

General line - 0115112241

අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් සිරිල් ගාමිණි පියතුමාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිරිල් ගාමිණි පියතුමා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. 

එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා, පොලිස්පතිවරයා, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක්.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් උදෙසා වන ගෝලීය සංසදය පසුගිය 23 දා පැවැත්වූ වැඩමුළුවකදි ප්‍රකාශයට පත් කළ අදහස් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලෙයි විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙනවා. 

ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හෙට දිනයේ තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර ඇති බවයි සිරිල් ගාමිණී පියතුමන් පවසන්නේ. 

එහිදී තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත්, එය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් සිරිල් ගාමිණී පියතුමන් සිය පෙත්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.