Saturday, November 2, 2024

General line - 0115112241

අලුත් අයවැයෙන් මුල් තැන දෙන තැන් ගැන ජනපති ලේකම්ගෙන් අනාවරණයක්




සාම්ප්‍රදායික අය වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අය වැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පවසනවා. 

හරිත ආර්ථිකයක්, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් ආණ්ඩුකරණය යන ක්ෂේත්‍ර කෙරෙහි එහිදී ප්‍රමුඛතාව හිමි වනු ඇත බවයි ජනාධිපති ලේකම්වරයා පැවසුවේ.

 “ඉදිරි අය වැය සහ රටේ ආර්ථික තත්ත්වය” යන තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී ජනාධිපති ලේකම්වරයා මෙම අදහස් පළ කළා. “සෞභාග්‍යයේ දැක්ම” තුළ කටයුතු කරමින් රටේ ආදායම් ඉහළ නංවා ගැනීම කෙරෙහි මෙවර අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවද ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර එහිදී සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර.

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගලද එහිදී අදහස් පළ කළා.