කොස්ගොඩ පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන කොස්තාපල් පනාපිටිය නමැති නිලධාරියා පොලිස් ස්ථානය තුළදී අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටියදී එම පොලිස් ස්ථානයේ නිළධාරීන් දෙදෙනෙකුට හසුවී ඇතැයි වාර්තා වනවා.
එම සිද්ධිය දැක ඇත්තේ අපරාධ අංශයේ නිළධාරියෙකු සහ ග්‍රාම ආරක්ෂක නිලධාරියෙකු බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. එම නිළධාරීන් දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාව දැනුවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
ඒ අනුව සැකකාර කොස්තාපල්වරයා පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය හමුවී තිබෙනවා.
පොලිස්පති සී ඩී වික්‍රමරත්නගේ උපදෙස් පරිදි අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරීවරයා ද ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට ගොස් ඇති අතර අදාළ සැකකාර කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි එහිදී ඔහු නියෝග කර ඇත්තේ. එම අවස්ථාවේදී සැකකාර කොස්තාපල්වරයා පොලිස් ස්ථානයෙන් පළා ගොස් ඇති බවද වාර්තා වුණා.
අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකාර කොස්තාපල්වරයා කොස්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ සමීපතම හිතවතෙකු බවද පොලිස් ආරංචිමාර්ග අනාවරණ කළා.