Tuesday, May 14, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාණු කණ්ඩායමට පහසු ජයක් 




විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු කාණ්ඩය යටතේ අද පැවති තරගයකින් පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකාණු කණ්ඩායම සමත් වුණා. ඒ, බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 06 කින් පරාජය කරමින්. 

එම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු දෙකකදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 84 ක් පමණයි.

මෙහෙයිදී හසන් පන්දු 25 කදී ලකුණු 27 යි. පිලිතුරු ඉණිම ක්‍රීඩා කළ දකුනු අප්‍රිකාණු කණ්ඩායම පන්දුවාර 13 යි පන්දු 03 කදී කඩුලු 04 කට ලකුණු 86 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා. නායක ටෙම්බා බවුමා නොදැවී ලකුණු 31 ක් රැස් කලේ පන්දු 28 කදීයි. රසී වෑන්ඩර් ඩුසන් ලකුණු 22 යි. 

මෙම තරගය ජය ගැනීමත් සමග දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්වුණා. 

ඒ තරග 04 කට සහභාගීවී තරග 03 ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 06 ක් හිමිකර ගනිමින්. 

මෙම ලකුණු සටහනේ එංගලන්ත කණ්ඩායම පළමු ස්ථානයේ රැදී සිටින අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම 03 වන ස්ථානයේ රැදී සිටිනවා. 

දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම තරගය ජය ගැනීමත් සමග මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ශ්‍රී ලංකාවට තිබූ අවසන් බලාපොරොත්තුව ද බිද වැටුණා.