Saturday, November 2, 2024

General line - 0115112241

අල්ලස් ඉල්ලන පොලිස් හඬපටයක් එළියට




පානදුර උතුර පොලිස් ස්ථානයට අනියුක්තව සිටි නිලධාරියෙකු කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ඉල්ලන හඩ පටයක් අප වෙත ලැබී තිබෙනවා. අදාළ නිලධාරියා එම මුදල ඉල්ලා ඇත්තේ අත්අඩංගුවේ සිටින පුද්ගලයෙකු මුදා හැරීම සදහායි.

මෙලෙස අල්ලස් ඉල්ලා ඇති නිලධාරියා ස්ථාන මාරු ලැබ මේ වන විට කලුතර පොලිස් කොට්ඨාශයේ රාජකාරී කරන බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ පොලිස්පති සී ඩී වික්‍රමරත්න දැනුවත් කිරීමට ද නෙත් නිවුස් මේ වන විටත් කටයුතු කර තිබෙනවා.