ත්‍රී රෝද රථ මගින් රාත්‍රී කාලයේදී රේස් පැදීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ අනාවරණයෙන් පසු අතුරුගිරිය පොලීසිය සිදුකළ විමර්ශණයේ වාර්තාවක් අද බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත යැවීමට නියමිත බව වාර්තා වනවා. ඒ, නුගේගොඩ කොට්ඨාශ භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා හරහායි.
ත්‍රීරෝද රථ මගින් රේස් පදින ඔබේසේකරපුර පදිංචි පිරිසක් සම්බන්ධයෙන් පසුගියදා නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණ කළා. ඒ අනුව අදාළ පුද්ගලයින් සහ ඔවුන් විසින් භාවිත කළ අලංකරණය කරන ලද ත්‍රී රෝද රථ අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.
එම විමර්ශනවලට අනුව හෙළි වී ඇත්තේ එම ත්‍රී රෝද රථකරුවන් පන්නිපිටිය පාළම අසල සිට තලවතුගොඩ ඉන්ධන පිරවුම්හළ දක්වා රාත්‍රී කාලයේදී අධික වේගයෙන් ත්‍රීරෝද රථ ධාවනය කරන බවයි. වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සංවිධානය වී එම පිරිස් ත්‍රීරෝද රථ රේස් පැදීමේ නිරත වන බවයි අනාවරණය වි ඇත්තේ.