Wednesday, May 15, 2024

General line - 0115112241

පකිස්තානය අපරාජිත බව රැක ගනී




20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය අපරාජිත බව රැක ගනිමින් දෙවන කාණ්ඩයේ පෙරමුණ ගැනීමට පකිස්තානය සමත්ව සිටිනවා. නැමීබියාව සමග ඊයේ පැවැති තරගය පකිස්තාන කණ්ඩායම ජය ගත්තේ ලකුණු 45 කින්. 

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 02 ක් දැවී ලකුණු 189 ක් රැස්කළා. ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 79 ක් රැස්කළ අතර බාබර් අසාම් ලකුණු 70 ක් රැස් කළා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 113 ක සබඳතාවක් ගොඩ නැගුවා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැමීබියා කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුළු 05 ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 144 ක් පමණයි. මෙම ජයග්‍රහණයත් සමග පාකිස්තාන කණ්ඩායම දෙවන කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තවදුරටත් රැක ගැනීමට සමත්වුණේ ප්‍රසාද ලකුණු 08 ක් සමගයි. ඔවුන් මෙතෙක් සහභාගී වූ තරග 04 ම ජයගෙන තිබෙනවා. 

එම ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටින්නේ තරග 03 කට සහභාගී වී තරග 02 ක් ජයගෙන සිටින ඇෆ්ගනිස්තාන කණ්ඩායමයි. තරග 02 කට සහභාගී වී එක් තරගයක් ජයගෙන සිටින නවසීලන්තය 03 වන ස්ථානයේ රැඳී සිටිනවා. ප්‍රබල ඉන්දීය පිළ තවමත් පසුවන්නේ ප්‍රසාද ලකුණු සටහනේ 05 වන ස්ථානයේයි. ඒ, ඔවුන් මෙතෙක් ක්‍රීඩා කළ තරග 02 ම පරාජය වීම හේතුවෙන්.