ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටළුවට සහය පළකරමින් අද දිනයේ දිවයිනපුරා බොහෝ පාසැල් ඉදිරිපිට අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් විසින් විරෝධතාවයක නියැළුනා.
උදැසන 8.30 සිට 9.30 දක්වා දෙමව්පියන් උද්ඝෝෂණයේ නිරත වෙමින් කියා සිටියේ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ගැටළුවට කඩිනමින් විසදුම් ලබා දි තම දරුවන්ගේ අධ්‍යාපනය ඉහල දැමිමට පියවර ගන්නා ලෙසයි.