ඇෆ්ගනිස්තානයේ හමුදා රෝහලක් ඉලක්ක කර ඊයේ එල්ල වූ ප්‍රහාරයේ වගකීම අයිඑස් කේ කණ්ඩායම භාරගෙන තිබෙනවා.
විදෙස් වාර්තා පැවසුවේ පිපිරීම් 02 ක් සමග සන්නද්ධ තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ එම ප්‍රහාරයෙන් 25 දෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් 50 කට ආසන්න පිරිසක් තුවාල ලැබූ බවයි.
රෝහලේ පිවිසුම් දොරටුව අසල එම බෝම්බ පුපුරවා හැර ඇති තුවක්කුකරුවන් පිරිස අනතුරුව රෝහල් පරිශ්‍රයට ඇතුළු වී වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා.
එක් බෝම්බයක් එල්ල කර ඇත්තේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් ලෙස බවයි සිද්ධිය ඇසින් දුටුවන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් තලෙයිබාන් සංවිධානය පැවසුවේ ප්‍රහාරය සඳහා පැමිණි තුවක්කුකරුවන් සිව්දෙනෙකු ඝාතනය කළ බව හා තවත් අයෙක් සිය භාරයට ගත් බවයි.