පවතින අධික වැසි හේතුවෙන් උඩවලව ජලාශයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එම ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා.
ඒ හේතුවෙන් වලවේ ගඟ පහළ කොටසේ ජනතාවට අවධානයන් කටයුතු කරන ලෙස උපදෙස් ලබාදෙන බවයි ජලාශය භාර ඉංජිනේරුවරයා පැවසුවේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු සුනිල් හරිස්චන්ද්‍රගෙන්.
පසුගිය දින කිහිපය පුරා පැවැති අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි.
මේ අතර දිවයින ආශ්‍රිතව පැවැති අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් ඇති බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක පැවසුවේ.