Saturday, November 2, 2024

General line - 0115112241

අනුරාධපුර ප්‍රාදේශීය මාධ්‍යවේදී අතුල බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වෙයි




අනුරාධපුර ප්‍රාදේශීය මාධ්‍යවේදී අතුල බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි අතුල බණ්ඩාර මහතා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.

මියයන විට ඒ මහතා 60 වන වියේ පසුවුණා. අතුල බණ්ඩාර මහතා දීර්ඝ කාලයක් නෙත් නිවුස් අනුරාධපුර ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ලෙස සේවය කළා.