අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 08 වනදා සලකා බැලීමට ශ්‍රේෂඨාධිකරණය දින නියම කර තිබෙනවා.
පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂ මේජර් ජනරාල් සුරේෂ් සලෙයි විසින් අපාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් එම පෙත්සම ගොනු කළේ ඊයේ දිනයේයි.
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂවරයාගේ පැමිණිල්ලට අදාළව සිරිල් ගාමිණී පියතුමන් අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා.
එහෙත්, ඊට අදාළව මෙම පෙත්සම ගොනුකර ඇති බැවින් සිරිල් ගාමිණී පියතුමන් අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ නැහැ.