පැවැති අධික වර්ෂාවත් සමග නායයාම් සහ ගස් කඩාවැටීම් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග 03 ක රථවාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු සමන් පාලිත නානායක්කාරගෙන්.
නායයාමේ අවදානම හේතුවෙන් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවල පවුල් කිහිපයක් පදිංචි ස්ථානවලින් තාවකාලිකව ඉවත් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි.