ආණ්ඩුව සම්බන්ධයෙන් තමන් සිදුකරන විවේචන ආණ්ඩුව පෙරළා දැමීමේ කුමන්ත්‍රණයක් බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.
ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු බඒ බව ප්‍රකාශ කළා.
සද්භාවයෙන් සිදුකරන විවේචන ඇතැම් නවක දේශපාලනඥයින් වැරදි ලෙස වටහා ගන්නා බව ද රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පකෂයෙන් ආණ්ඩුවට එල්ල වන චෝදනා ඉදිරියේද අපේක්ෂා කළ යුතු බවයි.