Saturday, November 2, 2024

General line - 0115112241

කොවැක්සීන් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය




ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන කොවැක්සීන් කොරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ, එම එන්නතේ තුන්වන අදියරේ සායනික අත්හදා බැලීම් තවමත් සිදුකෙරෙමින් ඇති පසුබිමක් තුළයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ අවදානම්වලට වඩා කොවැක්සීන් එන්නතේ ප්‍රතිලාභ බෙහෙවින් වැඩි බව විශ්වාස කරන බවයි.

කෙසේවෙතත් කොවැක්සීන් එන්නත මේවනවිටත් ලොව රටවල් කිහිපයක්ම භාවිත කරමින් සිටිනවා.

ඉන්දියාවේ කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඉකුත් ජනවාරි මාසයේ සිට කොවැක්සීන් එන්නත භාවිත කළ අතර එරට පුද්ගලයින් මිලියන 105 කට පමණ මේවනවිට කොවැක්සීන් එන්නත ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කොවැක්සීන් එන්නත ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනයේ නිෂ්පාදනයක්.