Friday, November 1, 2024

General line - 0115112241

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 16 ක් මිල පාලනයෙන් ඉවතට




අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 16 ක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා විසින්. මෙතෙක් පැවැති පාලන මිල ඉවත් කර ඇති ආහාර ද්‍රව්‍ය අතරට සීනි, පරිප්පු, කිරිපිටි, තිරිඟු පිටි, ටින් මාළු, කඩල, මුංඇට සහ කුකුළු මස් යන ආහාර ද්‍රව්‍ය ඇතුළත්.

අර්තාපල්, බී ළුූණු, කරවල, වියළි හාල්මැස්සන්,  උම්බලකඩ, වියළි මිරිස්, පොල් සහ බඩ ඉරිඟු වල ද උපරිම මිල සීමා ඉවත් කර තිබෙනවා.

ඒ අනුව එම ආහාර ද්‍රව්‍ය සඳහා උපරිම මිල ගණන් නියම කරමින් මීට පෙර නිකුත් කර තිබූ අතිවිශේෂ ගැසට් නිවේදන 07 ක් අවලංගු කරමිනුයි නව ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

මේ අතර සහල් ආනයනයේදී කිලෝවක් සඳහා අයකෙරුණු රුපියල් 65 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩු කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ඒ, ඉදිරි මාස 06 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදියි.