Friday, November 1, 2024

General line - 0115112241

කොවිඩ් මර්දන එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීම තවදුරටත් සාකච්ඡා මටට්මක




පොදු ස්ථානවලට පැමිණීම සඳහා කොවිඩ් මර්දන එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීම තවදුරටත් සාකච්ඡා මටට්මක පවතින බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මෙරට ජනගහනයෙන් සියයට 6 ක පමණ පිරිසකට ඉදිරි සති 02 ක පමණ කාලය තුළ දෙවන එන්නත් මාත්‍රාව ලබාදීමට නියමිත බවයි යුද්ධ හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

එබැවින් පොදු ස්ථානවලට ප්‍රවේශවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වෙන කොවිඩ් මර්දන කාර්යය සාධක බලකා රැස්වීම්වලදී තවදුරටත් සාකච්ඡාවට ලක් වනු ඇති බව ද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළා.