ගරු සිරි ඔක්සා අබේරත්න පියතුමන් අද පෙරවරුවේ ස්වර්ගස්ථ වුණා.
මියයන විට පියතුමන් පසුවුණේ 89 වන වියේයි. මෙරට විශාලතම ගිහි ව්‍යාපාරය වන කිතුදන පුබුදුව සංවිධානය ගොඩනැගීමට නායකත්වය ලබාදුන්නේ සිරි ඔස්කා අබේරත්න පියතුමන්.
එමෙන්ම පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නා හිමියන් සමග එක්ව ආගමික සමගි සන්ධානය ගොඩනැගීමට ද උන්වහන්සේ ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කළා.
80 වැඩ වර්ජනය, කණ්ඩලම සහ ඉරණවිල උද්ඝෝෂණ වැනි මෙරට තීරණාත්මක අරගලවලදී සිරි ඔස්කා අබේරත්න පියතුමන් ඒ සඳහා කැපීපෙනෙන දායකත්වයක් ලබාදුන් පියතුමෙක් ලෙසයි ඉතිහාසයට එක්ව ඇත්තේ.
උන්වහන්සේගේ දේහය රාගම, වල්පොල, ශ්‍රී ප්රශංසාරාමයේ මේවනවිට තැන්පත් කර තිබෙනවා.