අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 16 ක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් පළ කරනවා. ජනතාව පවසන්නේ පාලන මිල ඉවත් කිරීම හේතුවෙන් ඉදිරියේදී භාණ්ඩ මිල තවත් ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.
එමෙන්ම වෙළදපොලේ පවතින භාණ්ඩ හිගය හේතුවෙන් අදත් ජනතාව අසිරුතාවට පත්ව සිටි අයුරු දැකගත හැකි වුණා. ඒ අතරතුර ගෑස් පෝලිම් සහ භූමිතෙල් පෝලිම් ද තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
මෙතෙක් පැවැති පාලන මිල ඉවත් කර ඇති ආහාර ද්‍රව්‍ය අතරට සීනි, පරිප්පු, කිරිපිටි, තිරිඟු පිටි, ටින් මාළු, කඩල, මුංඇට සහ කුකුළු මස් යන ආහාර ද්‍රව්‍ය ඇතුළත්. අර්තාපල්, බී ළුූණු, කරවල, වියළි හාල්මැස්සන්, උම්බලකඩ, වියළි මිරිස්, පොල් සහ බඩ ඉරිඟු වල ද උපරිම මිල සීමා ඉවත් කර තිබෙනවා.
නව ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ එම ආහාර ද්‍රව්‍ය සඳහා උපරිම මිල ගණන් නියම කරමින් මීට පෙර නිකුත් කර තිබූ අතිවිශේෂ ගැසට් නිවේදන 07ක් අවලංගු කරමින්.
මීට අමතරව ඉදිරි මාස 06 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි සහල් ආනයනයේදී කිලෝවක් සඳහා අයකෙරුණු රුපියල් 65 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩු කිරීමට ද මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.