ඓතිහාසික කූරගල පුදබිමේදී මෙවර පැවැත්වෙන නෙත් එෆ් එම් කඨින පිංකමේ කඨින දුස්සය යුද හමුදා මූලස්ථානය වෙත අද වැඩම කරනු ලැබුවා.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඓතිහාසික කූරගල පුදබිම වෙනුවෙන් ශ්‍රමදායකත්වය ලබාදීමට හැකිවීම ශ්‍රී ලංකා යුද හමුදාවට හිමි වූ භාග්‍යයක් බවයි.
යුද හමුදා මූලස්ථානයේදී අද පස්වරුවේ පූජ්‍ය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන් ධර්ම දේශනයක් පවත්වනවා.
සෑම වසරකම නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නෙත් කඨින මහා පිංකම මෙවර පැවැත්වෙන්නේ 08 වන වරටයි. නොවැම්බර් 06 සහ 07 යන දෙදින කූරගල පුදබිමේදී මෙවර කඨින පිංකම පැවැත්වෙනවා.