Friday, November 1, 2024

General line - 0115112241

නෙත් හෙළිකළ ත්‍ර්‍රීිරෝද රේස්කරුවන් රිමාන්ඩ් (UPDATE)




පන්නිපිටිය පාළම අසල සිට තලවතුගොඩ ඉන්ධන පිරවුම්හළ දක්වා ත්‍රී රෝද රථ මගින් රාත්‍රී කාලයේදී රේස් පැදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 10 වනදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔවුන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

ජනතාවට සහ දේපළවලට අනතුරුදායක ලෙස හා අන්ත්‍රාදායක ලෙස රිය පැදවීම ඔවුන්ට එරෙහි චෝදනා වනවා. රක්‍ෂිත බන්ධනාගාරගත කළ එක් සැකකරුවෙකු සතුව ආදායම් බලපත්‍රයද අනෙක් සැකකරු සතුව රක්‍ෂණ සහතිකය ද නොතිබූ බවයි පොලීසිය පැවසුවේ. එක් සැකකරුවෙකු ඇතුල්කෝට්ටේ පාසල් මාවතේද, අනෙක් සැකකරු රාජගිරිය ඔබේසේකරපුර නානායක්කාර මාවතේද පදිංචිකරුවන් වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව හරහා කළ අනාවරණයෙන් පසු බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් ආරම්භ කළා.

ඒ අනුව නුගේගොඩ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධ පරීක්‍ෂණ මහරගම පොලිස් ස්ථානයට භාරදුන්නා. එහි වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂණ ඒකනායක, රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක   මෛත්‍රීපාල, පොලිස් සැරයන් වික්‍රතුංග සහ පොලිස් කොස්තාපල් අරුණ ශාන්ත තවදුරටත් විමර්ශන සිදුකරනවා. 

මෙම ත්‍රී රෝද රථකරුවන් පන්නිපිටිය පාළම අසල සිට තලවතුගොඩ ඉන්ධන පිරවුම්හළ දක්වා රාත්‍රී කාලයේදී අධික වේගයෙන් ත්‍රීරෝද රථ ධාවනය කර තිබෙනවා. වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සංවිධානය වී එම පිරිස් ත්‍රීරෝද රථ රේස් පැදීමේ නිරත වන බවයි නෙත් නිවුස් අනාවරණ කළේ. මෙම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.

.................................................................................

පාරවල් වසා අතුරුගිරියේ රේස් ගිය පිරිස ගැන නෙත් අනාවරණයෙන් පසු පොලිස් පරීක්ෂණ (VIDEO)

අතුරුගිරිය ප්‍රදේශයේදී පුද්ගලයින් කණ්ඩායමක් ත්‍රී රෝද රථ මගින් රාත්‍රී කාලයේදී රේස් පැදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අතුරුගිරිය පොලීසියට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින්.

එලෙස රේස් පදින පුද්ගලයින් ඔබේසේකරපුර පදිංචිකරුවන් පිරිසක් බවයි නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණ කරනු ලැබුවේ.

ඒ අනුව අදාළ පුද්ගලයින් සහ ඔවුන් විසින් භාවිත කළ අලංකරණය කරන ලද ත්‍රී රෝද රථ අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

.....................................................................

වට්ස්ඇප් හරහා ත්‍රීවීල් රේස් සංවිධානය වන හැටි හෙළි වෙයි

ත්‍රී රෝද රථ මගින් රාත්‍රී කාලයේදී රේස් පැදීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ අනාවරණයෙන් පසු අතුරුගිරිය පොලීසිය සිදුකළ විමර්ශණයේ වාර්තාවක් අද බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත යැවීමට නියමිත බව වාර්තා වනවා. ඒ, නුගේගොඩ කොට්ඨාශ භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා හරහායි. 

ත්‍රීරෝද රථ මගින් රේස් පදින ඔබේසේකරපුර පදිංචි පිරිසක් සම්බන්ධයෙන් පසුගියදා නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණ කළා. ඒ අනුව අදාළ පුද්ගලයින් සහ ඔවුන් විසින් භාවිත කළ අලංකරණය කරන ලද ත්‍රී රෝද රථ අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

එම විමර්ශනවලට අනුව හෙළි වී ඇත්තේ එම ත්‍රී රෝද රථකරුවන් පන්නිපිටිය පාළම අසල සිට තලවතුගොඩ ඉන්ධන පිරවුම්හළ දක්වා රාත්‍රී කාලයේදී අධික වේගයෙන් ත්‍රීරෝද රථ ධාවනය කරන බවයි. වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සංවිධානය වී එම පිරිස් ත්‍රීරෝද රථ රේස් පැදීමේ නිරත වන බවයි අනාවරණය වි ඇත්තේ.

................................................

පාරවල් වසා අතුරුගිරියේ රේස් ගිය පිරිස ගැන නෙත් අනාවරණයෙන් පසු පොලිස් පරීක්ෂණ (VIDEO)

අතුරුගිරිය ප්‍රදේශයේදී පුද්ගලයින් කණ්ඩායමක් ත්‍රී රෝද රථ මගින් රාත්‍රී කාලයේදී රේස් පැදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අතුරුගිරිය පොලීසියට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින්.

එලෙස රේස් පදින පුද්ගලයින් ඔබේසේකරපුර පදිංචිකරුවන් පිරිසක් බවයි නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණ කරනු ලැබුවේ.

ඒ අනුව අදාළ පුද්ගලයින් සහ ඔවුන් විසින් භාවිත කළ අලංකරණය කරන ලද ත්‍රී රෝද රථ අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

.......................................................