ඓතිහාසික කූරගල පුදබිමේදී මෙවර සංවිධාන කරන නෙත් එෆ් එම් කඨින පිංකම හෙට පැවැත්වෙනවා. මේ වනවිට ඒ සදහා සියලු කටයුතු සූදානම් වෙමින් ඇති බවයි එහි සිටින නෙත් නියෝජිතයින් පවසන්නේ. සෑම වසරකම නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නෙත් කඨින මහා පිංකම මෙවර පැවැත්වෙන්නේ 08 වන වරටයි. හෙට සහ අනිද්දා යන දෙදින කූරගල පුදබිමේදී කඨින පිංකම පැවැත්වීමටයි කටයුතු සංවිධාන කර ඇත්තේ.
ඓතිහාසික කූරගල රජමහා විහාරාධිපති පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් පැවසුවේ මෙවර කඨින පිංකම සුවිශේෂි කඨීන පිංකමක් බවයි.
මෙවර කඨින පිංකම සංවිධාන කරන්නේ සියළු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පිංකම සමග සම්බන්ධවීමට සැදැහැවතුන්ට අවස්ථාව පවතින බවයි පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් පැවසුවේ.
ඓතිහාසික කූරගල පුදබිමේදී මෙවර සංවිධාන කරන නෙත් එෆ් එම් කඨින පිංකමේ කඨින දුස්සය ඊයේ පස්වරුවේ යුද හමුදා මූලස්ථානය වෙත වැඩම කරනු ලැබුවා.