සහල් මෙට්ට්‍රික් ටොන් 15,000 ක් කඩිනමින් ආනයනය කිරීමට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයකරුවන් සූදානම් වනවා. ඒ අනුව සම්බා, නාඩු සහ සුදු කැකුළු ආනයනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයකරුවන් මෙම තීරණය ගෙන ඇත්තේ සහල් ආනයන බද්ද අඩු කිරීමත් සමගයි. ඒ අනුව සහල් තොග කඩිනමින් ආනයනය සදහා දැනටමත් ඇණවුම් කර ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් ප්‍රකාශ කළා. මෙම සහල් තොග ඇණවුම් කර ඇත්තේ ඉන්දියාවෙන්.
සහල් ආනයනයේදී කිලෝවක් සඳහා අයකෙරුණු රුපියල් 65 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩු කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ඒ, ඉදිරි මාස 06 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදියි. ඒ අනුව ආනයන කළ එම සහල් තොග ලබන සතිය වනවිට මෙරටට ලැබෙනු ඇති බවයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් පැවසුවේ.
කෙසේවෙතත් වෙළදපොළේ මෙම ආනයනික සහල් අළෙවි කරන මිල සම්බන්ධයෙන් තීරණය කරන්නේ එම සහල් තොග මෙරටට පැමිණීමෙන් පසුව බවද ඔවුන් පැවසුවා.