Friday, November 1, 2024

General line - 0115112241

බලපත්‍ර අයදුම්කරුවන්ට ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්




නොවැම්බර් 01 වනදා සිට ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර අයදුම් කිරීමේදී මාර්ගගත ක්‍රමය හරහා ගෙවීම් කිරීමට පහසුකම් සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා. 

මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි වූ සේවාදායකයින්ට එම අවස්ථාව හිමිවනු ඇති. බලපත්‍ර අයදුම් කිරීම පසුගිය අගෝස්තු 15 වනදා සිට මාර්ගගත ක්‍රමයට සිදු කිරීමටයි ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණේ. මාර්ගගත ක්‍රමය හරහා ගෙවීම් කිරීමට ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වියයුතුයි.