ස්විට්සර්ලන්තයේ “ස්විස්” ජාත්‍යන්තර ගුවන් සේවයේ මංගල ගුවන් යානය අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියා.
ඒ, ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිටයි. ඩබ්ලිව්.කේ. 64 දරණ එම ගුවන් යානය අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි නෙත් ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ.
මෙම ගුවන් යානයෙන් විදේශීය සංචාරකයන් 96 දෙනෙකු සහ ගුවන් නියමුවා ඇතුළු කාර්යය මණ්ඩලය 12 දෙනෙකු පැමිණ තිබෙනවා.
අද සිට සෑම සිකුරාදා දිනයකම ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවය, සුරීච් සහ කටුනායක ගුවන් තොටුපළ අතර ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.