සහල් ආනයනයකරුවන්ට බදු සහන ලබාදීමට ගත් තීරණය වහාම අවලංගු කළ යුතු බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා.
එහි සභාපති, අනුරාධ තෙන්නකොන් සඳහන් කළේ මේ හරහා මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට අසාධාරණයක් සිදුවන බවයි.
ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රුපියල් සියයට අඩුවෙන් ආනයනික සහල් අලෙවි කිරීමට නොහැකි බවයි.
සහල් ආනයනයේදී කිලෝවක් සඳහා අයකෙරුණු රුපියල් 65 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩු කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
ඒ, ඉදිරි මාස 06 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදියි.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයකරුවන් සහල් මෙට්‍රික් ටොන් 15,000 ක් කඩිනමින් ආනයනය කිරීමට දැනටමත් ඇණවුම් කර අවසන්.
අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් නෙත් නිවුස් වෙත පැවසුවේ වෙළදපොළේ මෙම ආනයනික සහල් අළෙවි කරන මිල සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.