Friday, November 1, 2024

General line - 0115112241

කූරගල පුදබිමේ නෙත් අසිරිමත් කඨින පිංකම හෙටයි




ඓතිහාසික කූරගල පුදබිමේදී සංවිධාන කරන නෙත් එෆ් එම් කඨින පිංකම මෙවර අතිශය විශේෂිත පිංකමක් බව ඓතිහාසික කූරගල රජමහා විහාරාධිපති පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් පවසනවා.

උන්වහන්සේ සඳහන් කළේ කූරගල පුදබිමේදී කඨින පිංකමක් සංවිධාන කිරීම ම සුවිශේෂි තත්ත්වයක් බවයි.

ඓතිහාසික කූරගල රජමහා විහාරාධිපති පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් වැඩිදුරටත් පැවසුවේ මෙවර කඨින පිංකම සංවිධානය කෙරෙන්නේ කූරගල පුදබිම ඉතිහාසය අලුත් කරන පුදබිමක් බවට පත්වෙමින් ඇති පසුබිමක බවයි.

ඓතිහාසික කූරගල පුදබිමේදී සංවිධාන කරන නෙත් එෆ් එම් කඨින පිංකමේ කඨින දුස්සය යුද හමුදා මූලස්ථානයට ඊයේ වැඩම කරනු ලැබුවා. මේ, ඒ පිළිබඳ අදහස් දැක්වූ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා.

කූරගල පුදබිම යළි ගොඩනැගීම වෙනුවෙන් ලබාදෙන ශ්‍රම දායකත්වය පිළිබඳවද යුද හමුදාපතිවරයා මෙලෙස අදහස් පළ කළා.

සෑම වසරකම නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නෙත් කඨින මහා පිංකම මෙවර පැවැත්වෙන්නේ 08 වන වරටයි.

හෙට සහ අනිද්දා යන දෙදින කූරගල පුදබිමේදී කඨින පිංකම පැවැත්වීමටයි කටයුතු සංවිධාන කර ඇත්තේ.