Friday, November 1, 2024

General line - 0115112241

සෙල්ෆි ගැසීමට ගිය තරුණයෙකු දුම්රියට බිලි

මාධව කුලසූරිය - වවුනියාව 




වවුනියාව, සෙට්ටිකුලම් කල්ලාරු පාලම මත නැගී සෙල්ෆි ජායාරූප ගැනීමට ගිය තරුණයෙකු දුම්රියේ ගැටීමෙන් අද (05) උදෑසන ජිවිතක්ෂයට පත්ව ඇති බව සෙට්ටිකුලම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ තරුණයින් දෙදෙනෙකු තලෙයිමන්නාරම සිට මැදවච්චිය දක්වා ගමන්ගත් දුම්රිය පැමිණෙන අවස්ථාවේ පාලමේ සිට සෙල්ෆි ජායාරූප ගැනීමට ගොස් ඇති අතර, දුම්රිය පැමිණෙන අවස්ථාවේ තරුණයෙකු දුම්රිය මාර්ගයේ ඇද වැටීමෙන් අනතුරුව දුම්රියේ ගැටී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනෙක් තරුණයා දුම්රිය පැමිණෙනු දැක පාලමෙන් ජලයට පැන දිවි බේරාගෙන ඇති බවත් පොලිසිය සඳහන් කර සිටියා.

අනතුරින් මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ පදිංචි ෆ්‍රැන්සිස් කන්නා නමැති 19 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධියෙන් මියගිය තරුණයාගේ මළ සිරුර සෙට්ටිකුලම රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, පාලමෙන් පැනීමෙන් තුවාල ලත් තරුණයාද ප්‍රතිකාර සඳහා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කොට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.