සපුගස්කන්ද ප්‍රදේශයේදී ගමන් බෑගයක තිබී සොයාගත් කාන්තා මළ සිරුරේ අනන්‍යතාව අද හදුනා ගැනුණා. ඇය මාළිඟාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක්.
ඇයගේ වයස අවුරුදු 44 ක් වන බවයි පොලීසිය සඳහන් කළේ. ඇයගේ සැමියා පොලීසියට පවසා ඇත්තේ ඉකුත් 29 වනදා සිට තම බිරිඳ අතුරුදන්ව සිටි බවයි. මේ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව.
මෙම කාන්තාව සූදුපළවල් ඇති ස්ථානවලට ගොස් පරාජයට පත්වන පුද්ගලයින්ට වැඩි පොළියට මුදල් ලබා දී ඇති බවද අනාවරණ වී තිබෙනවා. අතුරුදන් වන අවස්ථාවේදීත් ඇය රුපියල් ලක්ෂ ගණනක් වටිනා රත්තරං පැළද සිට ඇති බවටයි හෙළි වී ඇත්තේ.
අත්පය ගැට ගසා ගමන් බෑගයක් තුළ බහා තිබියදී මෙම කාන්තා මළ සිරුර සොයා ගැනුණේ ඊයේ දිනයේදියි. ඒ වන විටත් දින 05 ක් පමණ පැරණිව තිබූ මළ සිරුර හදුනාගත නොහැකි තරම් නරක්වී තිබුණා. කෙසේ වෙතත් පොලීසිය පැවසුවේ ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි. රාගම රෝහල වෙත රැගෙන ගිය මෘත දේහය සම්බන්ධයෙන් ඇන්ටිජන් පරීක්ෂණයක් ද සිදු කර තිබෙනවා.