පොලීසියේ තවත් ඉහළ නිලධාරීන් 08 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. බස්නාහිර උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච් එන් කේ ඩී විජේ ශ්‍රී බස්නාහිර පළාත් රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙයසි ස්ථාන මාරු කර ඇත්තේ.
බස්නාහිර රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිටි වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එල් ඒ යූ සරත් කුමාර කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.
මීට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකුටත්, පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකෙුටත් ස්ථාන මාරුවීම් ලබාදුන් බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.