මීගමුව කොළඹ ප්රධාන මාර්ගයේ වැලිසර සුසාන භූමිය ආසන්නයේ සිදුවූ අනතුරින් මියගිය දෙදරු පියාගේ ඥාතීන් මහාබාගේ පොලීසිය ඉදිරිපිටට අද රැස්ව තමන්ට සාධාරණයක් ඉල්ලා සිටියා. ඒ, වැරදිකරුවන්ට නීතියෙන් දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලමින්.
මේ අතර ඊයේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසැල් සිසුවා සහ ඔහුගේ පියා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, වත්තල අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
16 හැවිරිදි පාසැල් සිසුවෙකු පැදවූ මොන්ටෙරෝ ස්පෝට් වර්ගයේ ජීප් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව ත්රීරෝදරථයක හා යතුරුපැදි දෙකක ගැටීමෙන් ඊයේ මෙම අනතුර සිදුව තිබුණා. එහිදී එක් පුද්ගලයෙක් මියගියා.