මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයින් සදහා ඇතැම් ඖෂධ අධිමාත්‍රාවෙන් ලබාදුන් බව කියන පානදුර, පල්ලිමුල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් පානදුර උතුර පොලීසිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන වෙත ලිඛිතව දැනුම්දී ඇතැයි වාර්තා වනවා. ඒ, අදාළ වෛද්‍යවරයා පිළිබද සොයාබලන ලෙස දන්වමින්.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම වෛද්‍යවරයා පසුව ඇප මත මුදා හැරුණා. පල්ලිමුල්ල ප්‍රදේශයේ ඔහුගේ සායන මධ්‍යස්ථානයේ සහ ගොරකපොළ ප්‍රදේශයේ ඔහුගේ නිවසේ තිබී අදාල ඖෂධ පෙති 20,035ක් මීට පෙර සොයා ගැනුණා.
අදාල වෛද්‍යවරයා සම්බන්ධයෙන් පානදුර උතුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල්ට තොරතුරක් ලැබී තිබූ අතර ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ෂණ සඳහා නෙත් නිවුස් ද පොලීිසිය වෙත සහය ලබා දුන්නා.