දින 20 කට පසු මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් 600 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 627 ක් දක්වා ඉහළ යාමත් සමගින්. මීට පෙර දෛනික ආසාදිතයින් 600 සීමාව ඉක්මවා ගියේ ඉකුත් ඔක්තෝම්බර් 16 වනදායි. ඉන් පසුව ඊයේ දක්වා ආසාදිතයින් වාර්තාවීම අඩු වී තිබුණා.
මේ අතර ගර්භණී මව්වරුන් අතරින්ද යළිත් වරක් කොරෝනා ආසාදිතයින් වාර්තා වන තත්ත්වයක් මතුවෙමින් ඇතැයි විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පවසනවා.
දරුවන් අතරින්ද කොරෝනා ආසාදිතයින් වාර්තාවීම වැඩිවෙමින් ඇති බවයි වාර්තා වන්නේ. දරුවන් එන්නත් කිරීමේ කටයුතු සිදුවන ආකාරය ද මෙහිදී පැහැදිලි කෙරුණා.
පාසල් වෙත දරුවන් යැවීමේ වැදගත්කමද විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මෙහිදී පැහැදිලි කළා.
තවත් පුද්ගලයින් 15,495 දෙනෙකුට ෆයිසර් එන්නතේ 3 වන මාත්‍රාව බූස්ටර් එන්නත ලෙස ලබාදී තිබෙනවා.