Friday, November 1, 2024

General line - 0115112241

විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින් අග්‍රහාර රක්ෂණ ක්‍රමය පුළුල් කෙරේ




2016 වසරේ ජනවාරි මස පළමුවනදාට පෙර විශ්‍රාම ලැබූ සියලු රජයේ සේවකයින් සඳහා ද අග්‍රහාර රක්ෂණ ක්‍රමය යටතේ වූ ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. 

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහන් කළේ දැනට 2016 වසරේ ජනවාරි මස පළමුවනදායින් පසුව විශ්‍රාම ගන්නා රාජ්‍ය නිලධාරීන් සඳහා පමණක් අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ ලබාදීම සිදු කෙරෙන බවයි. 

ඒ අනුව වයස අවුරුදු 70 ට අඩු විශ්‍රාමිකයින් සඳහා රුපියල් 400 ක මාසික වාරික මුදලක් සහ වයස අවුරුදු 70 ට වැඩි විශ්‍රාමිකයින් සඳහා රුපියල් 600 ක මාසික වාරික මුදලක් අය කරගැනීම යටතේ එම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වනු ඇති.

රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයට අයත් සියලුම විශ්‍රාමිකයින් සඳහා අදාළ වන මෙම රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ විශ්‍රාමිකයින් සඳහා ජීවිතාන්තය දක්වා හිමිවන අතර ඔවුන්ගේ කාලත්‍රයා, අනත් දරුවන්ට හෝ ආබාධිත දරුවන්ට මෙම ප්‍රතිලාභ හිමි නොවන බව සඳහන්. මෙම රක්ෂණ ක්‍රමය සඳහා සුදුසුකම් ලබන නමුත් එහි දායකයින් වීම සඳහා එකඟතාව පළ නොකරන සියලු විශ්‍රාමිකයින් ලබන 15 වනදාට පෙර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි විශ්‍රාම වැටුප් අංශයන් වෙත දැනුම් දීම සිදුකළ යුතු බව ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසනවා.