දෙහිවල, ගල්කිස්ස සහ මොරටුව පොලිස් වසම්වල සිදුකළ වැටලීමකදී සැකකරුවන් 215 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදී මාර්ගවල සැරිසැරූ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පිරිසක් බවයි පොලිසීය පැවසුවේ.
ඔවුන් අතුරින් සැකකරුවන් 56 දෙනෙකු විවිධ අපරාධවලට සම්බන්ධවූවන් ලෙසටත්, 33 දෙනෙකු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් බවටත් හඳුනාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර කොරෝනා මර්දන එන්නත ලබා නොගත් 56 දෙනෙකු ද සිටින බවයි බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ.