සපුගස්කන්ද තෙල් පිරිපහදුව අසල ප්‍රදේශයේදී ගමන් බෑගයක තිබී කාන්තා මල සිරුරක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැණුනු එම කාන්තාව සහ පිරිමි පුද්ගලයා මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් බවද පොලිසිය පැවසුවා. අත්අඩංගුවට ගැණුනු කාන්තාව 36 හැවිරිදි වියේ පසුවන අතර ඇගේ ස්වාමි පුරුෂයාගේ වයසද අවුරුදු 36ක්.
පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගැණුනු කාන්තාවගේ නිවසට ඝාතණය ලක්වූ කාන්තාව ඉකුත් 28වනදා කැඳවාගෙන ඇති බවට අනාවරණ වී ඇති බවයි. එහිදී සැකකාර කාන්තාව සහ ඇයගේ සහෝදරයෙකු එක්ව යකඩ පොල්ලකින් පහර දී අදාල කාන්තාව ඝාතණය කර ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. ඝාතණයෙන් පසු එම කාන්තාව සතු වු රත්තරං භාණ්ඩ සැකකරු විසින් ගලවා ගෙන ත‘බෙනවා.
පසුව වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් ලබා ගත් ගමන්මල්ලක අදාල කාන්තාවගේ සිරුර බහා ලොරි රථයකින් සහ ත්‍රීරෝද රථයකින්ද රැගෙන ගොස් සපුගස්කන්ද ප්‍රදේශයෙන් දමා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස ඝාතනය කර තිබුණේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක්. ඇය සූදුවට ඇබ්බැහි වූ කාන්තාවක් බවද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. ඇගේ මලසිරුර ඉකුත් 04වනදා සපුගස්කන්ද ප්‍රදේශයේ ගමන්මල්ලක දමා තිබියදී සොයාගත් අතර අත්පාද ගැට ගසා තිබුණා.
ඇගේ සිරුර ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් ලොරි රථයද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ.